රාජ්‍ය සේවකයන්ට ලබා දුන් පොරොන්දු සමග ජනාධිපතිවරණයේ දී ඔවුන් හැසිරුණු ආකාරය තමන් දුටු බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි.
වර්තමාන ආණ්ඩුව මාස හයෙන් හයට රාජ්‍ය සේවක පඩි වැඩිකරන බවට එහි දී ප්‍රතිඥා දුන් බවයි, ඔහු සිහිපත් කළේ.
එම පිරිස දැන් භාණ්ඩාගාරයේ තත්ත්වය බලා පඩි වැඩි කළ හැකි දැයි සොයා බලන බව පවසන්නේ යැයි ඔහු චෝදනා කරයි.
අප නැවත 2028 සිට ණය ගෙවීම ආරම්භ කළ යුතු වුව ද වර්තමාන තත්ත්වය අනුව එය ඉටු කළ නොහැකි වනු ඇතැයි සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
මහරගම ප්‍රෙද්ශයේ ජන හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.