මාස හයෙන් උගන්ඩාවේ හංගපු සල්ලි ජනතාවට ලබා දෙනවා…! – නලින් හේවගේ….

November 10, 2024 at 7:06 pm | by emanisa.lk

දැන් කෑ ගහන අය තව මාස හයකින් හිර ගෙදර කූරු ගණන් කරන බව සහතික කොට කිව හැකි යැයි ජාතික ජන බලවේගයේ නලීන් හේවගේ පවසයි.

හොරු ඇල්ලුව ද උගන්ඩාවේ සල්ලි ගෙනාව ද කියා කෝචෝක් කළ ද ප්‍රමාදයට හේතුව මැතිවරණ කාල සීමාවක් නිසා ඇතැම් පත්කිරීම් කිරීමට මැතිවරණ කොමිසම හරස් වීම මිස තමන්ගේ ප්‍රමාදයක් නොවන නිසා බව ඔහු අවධාරණය කරයි.

තව මාස හයක් ඇතුළත ජනතාවගෙන් හොරකම් කළ හැම සතයක් ම සහතික වශයෙන් ම නැවත ජනතාවට ලබා දෙන බව නලින් හේවගේ ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *