මාස පහෙන් පාතාළේ ඉවර කරන්න බෑ….! – ඇමති ආනන්ද විජේපාල….

April 7, 2025 at 6:20 pm | by emanisa.lk

දේශපාලන සහ සම්බන්ධකම් මත කාලයක් තිස්සේ ගොඩනැගුණු පාතාල ක්‍රියාකාරකම් මාස පහක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

“සමාජයේ තිබූ නීති විරෝධී අවි ආයුධ දහසකට අධික ප්‍රමාණයක් පසු ගිය මාස දෙක තුළ නීතියේ රැහැනට ගත්තා. පාතාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගත්තා. ත්‍රිවිධ හමුදාවේ සේවය කර නීත්‍යානුකූල නොවන අයුරින් ඉවත්ව ගිය පුද්ගලයින් පාතාල ක්‍රියාකාරකවලට යොදා ගැනීමේ සිදුවීම් පසුගිය කාලය තුළ වාර්තා වුණා. නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැරගිය 1700 ක පමණ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණුව අවසන් කළ 500 දෙනෙකු හෙට දිනයේ විසිර යනවා. මේ අය පාතාල ක්‍රියාකාරකම් මර්දනයට යොදවන්න සැලසුම් කර තිබෙනවා. විදේශ රටවල සැඟවී සිටි පාතාල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම ජත්‍යන්තර පොලීසියේ සහය ඇතිව යළි රටට ගෙන්වා ගත්තා. මීට අමතරව අපට අවශ්‍යය සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුටම එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පාතල ක්‍රියාකාරකම් හා තැන තැන සිදුවන වෙඩි තැබීම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ සිදු වුණා. අපි ඒ සිදුවීම් ලගු කොට සලකන්නේ නැහැ. දීර්ඝ කාලයක් මේ පාතාල ක්‍රියාකාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම ඒකාබද්ධව මේ සමාජය තුළ ස්ථාපිත කරන්න ඇතැම් දේශපාලනඥයින්ගේ දායකත්වය ලැබී තිබෙන බව රහසක් නොවේ. කාලයක් තිස්සේ සමාජයේ ස්ථාපිත වූ එම ක්‍රමය සමහර දේශපාලන කණ්ඩායම් බලයට එන්න යොදා ගත්තා.

මේ සමස්ත ක්‍රියාදාමය මාස හතරක් පහක් තුළ අවසන් කරන්න බැහැ. නමුත් මේක ස්ථිර ලෙසම පාලනය කරනවා. මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජිවත් වෙන්න අවශ්‍යය වටපිටාව සකස් කරන්න ඕන. ඒ වෙනුවෙන් ක්‍රියා මාර්ග ගන්නවා. පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනය කිරීම අත්‍යවශ්‍යය කාරනයක්. ඒ ගැන දැඩි අවධානය යොමු කරනවා. ඒ සඳහා සැලසුමක් සකස් කර තිබෙනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *