වත්මන් ආණ්ඩුව පත් කළ ජාතික ලොතරැයි මණ්ඩල සභාපති ඇන්ටන් පෙරේරා පසුගිය ආණ්ඩු සමයේ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක පවසයි.
ඇන්ටන් පෙරේරා ඊට අමතරව ආන්දෝලනයට ලක්ව ඇති කිරි හරක් ආනයන ව්‍යාපෘතියෙන් ද යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටුවෙන් ද වශයෙන් වැටුප් තුනක් ලැබූ බව ඔහු පෙන්වා දෙයි. අදාළ කිරි හරක් ව්‍යාපෘතියට විරුද්ධව අවසානයේ නඩු පවරා ඇත්තේ ද ඇන්ටන් පෙරේරා බවයි, චාමර සම්පත් චෝදනා කළේ.
ඇන්ටන් පෙරේරා ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීමට සහභාගී වන විද්වත් මණ්ඩල දීමනාව රු. 7500 සිට 25000 දක්වා ඉහළ නංවා එහි සෑම දිනුම් ඇදීමකටම වාඩි වෙමින් මාසයකට රු. ලක්ෂ 4ක පමණ මුදලක් උපයා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කරයි.
ලොතරැයි දිනුම් ඇදීමට එහි සභාපති වාඩි වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවටත් රට හදන්න ආ පුනරුදයේ සභාපති අහිංසක විශ්වවිද්‍යාල දරුවන්ගේ ශිෂ්‍යත්ව දෙන මහපොළ අරමුදලට යන මුදල් මෙලෙස ගසා කන බවටත් චාමර සම්පත් චෝදනා කරයි.
ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.