මාලිමා ලොක්කො දෙන්නෙක් පාලනය කරන පොලිසියකින් සාධාරණ පරීක්ෂණ පැතීම විහිළුක්…!

January 27, 2025 at 9:35 am | by emanisa.lk

ජාතික ජනබලවේග වේදිකාවේ සිටි දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව යටතේ පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන විට කිසිදු සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක පවසයි.

“අද දවසේ එක පැත්තකින් දෙහිවලට යනවා වාහන ගණනාවක්. අනිත් පැත්තෙන් බෙලිඅත්තට යනවා වාහන ගණනාවක්. ආසන්න වශයෙන් මං හිතන්නේ වාහන 10ක් හෝ 12ක් යොදාගත්තා යෝෂිත මහත්තයාව අත්අඩංගුවට ගන්න.

ආණ්ඩුවෙන් කිව්වා මේ සතියේ එක්කෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා කියලා. ඒ වගේම ඉදිරි සතියේ දෙන්නෙක් අත්අඩංගුවට පත් වෙනවා කියලා. දැන් ආණ්ඩුවද තීරණය කරන්නේ කවුද අත්අඩංගුවට පත් වෙන්නේ, ඒ කෙනා මොන සතියේ අත්අඩංගුවට පත් වෙන්නේ කියන එක රටේ ජනාධිපතිතුමාද ඒ වගේම ආණ්ඩුවද තීරණය කරන්නේ?

මාලිමාවේ වේදිකාවේ හිටපු දෙන්නෙක් පොලිසියේ ප්‍රධානීන් වෙනකොට අපි සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. සමහර විට ඒක දැන් CID එකෙන් සහ පොලිසියෙන් දන්නවත් ඇති මොකද දැන් ආණ්ඩුවෙන් නේ ලියලා දෙන්නේ කාව්ද අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් විපක්ෂය තමයි ඉස්සර කෙඳිරි ගෑවේ දැන් ආණ්ඩුව කෙඳිරි ගානවා”

ඔහු මෙම අදහස් පල කළේ අත්අඩංගුවට පත් යෝෂිත රාජපක්ෂගේ සුව දුක් විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *