ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනට සමගාමීව පවත්වන “කලාවැව ආයෙත් අලින්ට දෙමු” වැඩසටහ අද (07) දක්වා ක්රියාත්මක අතර එම වැඩසටහන පෙරේදා (05) ආරම්භ විය.
මෙම වැඩසටහනින් කලා වැවේ ජබර ඇතුළු ආක්රමණික ශාක ඉවත් කිරිමත් කලාවැව් පිටියේ තෘණ භූමිය ප්රථිස්ථාපනය කිරීමේ පළමු පියවරත් ක්රියාත්මක වේ. සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 2.00 දක්වා මම කටයුත්ත සිදු කෙරේ.
මෙම වැඩසටහනට සම්බන්ධ වීමට කැමත්තක් දක්වන සහ සූදානම්ව සිටින සියලු දෙනා මෙම වෙලාවන්වලදී මෙහි පිවිසුම් අසලට පැමිණෙන ලෙස සංවිධානයකින් දැනුම් දෙයි. මෙම පරිසර සත්කාරය සඳහා 0701402330 යන දුරකතන අංකයට කතාකර මහජනතාවට සම්බන්ධ විය හැකිය.
පාර්ලිමේන්තු මන්ත්රී තිළිණ සමරකෝන් මහතා හා ඉපලෝගම ප්රාදේශීය සභාවේ සභාපති ප්රසන්න මාකාවිට මහතා ඇතුළු දේශපාලන අධිකාරිය හා වනජීවි, ක්ලීන් ශිු ලංකා, ආරක්ෂක අංශ, ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් හා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වු 800ට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරුණු අතර පරිසර අමාත්යංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව , Clean Sri Lanka වැඩසටහනෙ, ත්රිවිධ හමුදාව ඇතුලු රාජ්ය අනුග්රහයෙන් මෙම ක්රියාවලිය සිදුකෙරේ.