ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින 159 දෙනාම උදේ දවල් රෑ තුන් වේලම පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර ලබා ගන්නා බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර පවසයි.
ඇතැමුන් ගෙදර ද ඔතාගෙන යන බවට කට කතා ප්‍රචාරය වුව ද තමන්ට ඒ ගැන නිශ්චිත තොරතුරු නැති බවත් ඔහු පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන් ගෙයි සේවක පිරිස්වලට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.
තමන් මෙතෙක් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා නොගන්නා නමුත් පාර්ලිමේන්තුවෙන් ආහාර ගන්නවාට තමන්ගේ විරුද්ධත්වයක් නැති බවත් දිලිත් ජයවීර පවසයි.
කෙසේ වෙතත් මෙහි ගැටලුව ඇත්තේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා ගැනීමට මුලින් දැඩි විරෝධී මතයක් දරමින් සිට මේ ආකාරයට කටයුතු කිරීම බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේය.