මාලිමා මන්ත්‍රීට එරෙහිව පාර වසා විරෝධතා…. කිසිදු ආණ්ඩුවක් නොකළ වැඩක් කළැයි චෝදනා…!

December 30, 2024 at 5:23 pm | by emanisa.lk

කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි බෙන්ජි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද (30) පෙරවරුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක ආයතනයේ ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනත් පිරිසකට පැවරීමට බලපෑම් කළ බවට ඔවුහු චෝදනා කරති.

තමන් මාලිමාවට ඡන්දය ලබා දුන්න ද ආණ්ඩුවේ මන්ත්‍රීවරයා තමන් සමග සාකච්ඡා නොකළ බව ද එම පිිරිස කියති.

තමන් අවුරුදු 15ක් තිස්සේ මෙම රැකියාව කරගෙන ජීවත් වුව ද කිසිදු ආණ්ඩුවක් මෙලෙස තමන්ට තර්ජනය නොකළ බව ද ඔවුහු සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *