ඊයේ හෙරොයින් තොගයක් සමග අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේග පෑලියගොඩ නගර සභා මන්ත්‍රිනි දිස්නා නිරංජලා කොස්ගොඩ සුජී නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියකු බව බව අනාවරණය වී තිබේ.
පාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන කොස්ගොඩ සුජී මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව එම කටයුතුවල නිරත වන බව විශ්වාස කරයි. මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට පත්වන අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරිය ද එම හෝටලයේ සිට ඇති අතර පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඈ නිදහස් කර තිබීම ද මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබේ.
එසේම හෙරොයින් සමග අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩිමහල් සහෝදරයාගේ පුතා වන ශෂී නැමැත්තා ද මෙරට සිටිය දී හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි අයකු බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ.