පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් ජගත් වික්‍රමරත්න විසින් සිදුකළ සහ සිදුකරමින් පවතින දූෂණ ක්‍රියා ගණනාවක් පිළිබඳ දීර්ඝ පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ හිටපු නි. මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබේ.
පාර්ලිමේන්තුවේ නි. මහ ලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී, තොරතුරු නිලධාරී සහ දූෂණ විරෝධී පාර්ලිමේන්තු අභ්‍යන්තර කමිටු ප්‍රධානි ලෙස කතානායකවරයාගේ නීතියට පටහැනි කටයුතු පිළිබඳ ඔහුගේ අවධානය යොමු කිරීම සහ පාර්ලිමේන්තුවේ කතානායක භෝජනාගාරයේ සිදුවූ පෞද්ගලික සිදුවීමක් පිළිබඳ උරණ වී නීතියට පටහැනි ලෙස තමන්ගේ වැඩතහනම් කර ඇතැයිද ඔහු එමගින් ප්‍රකාශ කරයි.
කතානායකවරයාට හිමි නිල වාහන දෙකට අමතරව තවත් වාහනයක් සහ ඊට ඉන්ධන භාවිත කිරීම, කතානායක වරප්‍රසාදවලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ධන දීමනාව ගැනීම, නිල නිවාස දෙකක් නඩත්තු කිරීම, කතානායක නිල නිවසේ ගෘහභාණ්ඩ අනවසරයෙන් අනෙක් නිවසට රැගෙන යෑම, සිය පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේට රු.900ක දිවා ආහාරය රු.150ට ලබා දීම, පාර්ලිමේන්තු මාධ්‍ය කණ්ඩායම සහ එහි උපකරණ සිය පෞද්ගලික පරිහරණයට භාවිත කිරීම ඇතුළු චෝදනා ගණනාවක් එමගින් හෙළිදරව් කර ඇත.
මෙම දූෂණ චෝදනා පිළබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසද අපරාධ තොරතුරු හෙලිකරන්නා වෙත ලබාදෙන ආරක්ෂාව තමන් වෙත ලබා දෙන ලෙසද හිටපු පාර්ලිමේන්තු නි. මහ ලේකම්වරයා වැඩි දුරටත් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.