කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරඟ කරන විපක්ෂයේ පක්ෂ විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය විධායක කමිටුව තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට විරුද්ධව සර්වජන බලය ඡන්දය භාවිත කරනු ඇත.
සර්වජන බලය උප සභාපති චන්න ජයසුමන ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ විපක්ෂ අපේක්ෂකයා මෙතෙක් සිය සහය ඉල්ලා නොමැති බවත් ඔවුන් සමග සාකච්ඡා කොට තීන්දුවක් ගන්නා බවත්ය.