මාලිමා උප සභාපතිනිය නීතිය අතට ගනී.. සභා ට්‍රැක්ටරෙන් වගුරු බිම් ගොඩකරයි… පුතා රෑට ගස් කපයි…

July 29, 2025 at 3:48 pm | by emanisa.lk

කැලණිය ජයන්ති මාවතේ එරපත්ත වෙල්ලයේ වගුරු බිමකට යාබද ඉඩමක් ගොඩකිරීමට උත්සාහ දැරීමක් පිළිබඳ ප්‍රදේශවාසීහු විරෝධත පළ කරති.

ඉඩම ගොඩ කිරීමට උත්සාහ කරන්නේ එහි හිමිකාරීය බව කියන කැලණිය ප්‍රාදේශයේ සභාවේ ජාතික ජන බලවේග උපසභාපතිනි ලක්ෂකා සුභාෂිණී බව එම ජනතාව පවසති.

කැලණිය ප්‍රාදේශිය සභාවය අයත් ට‍්‍රැක්ක්ටරයක් සහ එහි සේවකයන් යොදා ගනිමින් උප සභාපතිනිය මෙම ඉඩමට ගල් කැබලි ගෙනවිත් දමා ඇති බවට අසල් වශයෙන් චෝදනා කරන්නේ ඊට අදාල සීසිටීවී දර්ශනද දක්වමිනි.

උපසභාපතිනයගේ පුත්‍රයා රාත්‍රියේ පැමිණ එම මාර්ගය අසල තිබූ ගස් කපා ඉවත් කරන දැක්වෙන සීසීටිව දර්ශනද ප‍්‍රසිද්ධ වී ඇත. සිද්ධිය පිළිබඳ කැලනිය පොලිසියට පැමිණිලි කර ඇතත් ඊට තවමත් නිසි විසඳුමක් ලැබී නැති බව ප්‍රදේශවාසීන් පවසති.

අසල්වාසීක් ඊට විරෝධය පළක තිබුණේ මෙම ඉඩම ගොඩ කළහොත් අවට නිවාසවලට ජල ගැලීම් ඇති විය හැකි බව පවසමිනි. මේ විරෝධය සම්බන්ධයෙන් උපසභාපතිනය සහ ඇගේ පවුලේ සාමාජිකයින් අසල් වාසීන්ට බැන තර්ජනය කළ බවටත් චෝදනා එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස