පසුගිය ආණ්ඩු ඉදිරිපත් කළ අයවැය මගින් එක අතකින් සහන දෙන අතර අනික් අතින් බදු අයකර ගත්ත ද මෙවර අයවැයෙන් කිසිදු බද්දක් වැඩි නොකළ බව නි. ඇමති මහින්ද ජයසිංහ පවසයි.
අයවැය හිඟය පියවා ගැනීමට ණය ගැනීමට සිදුවන අතර එය අපරාධයක් නොවන බව ද නි. ඇමතිවරයා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා පසුගිය සමයේ විදේශ සංචාර තුනක නිරත වුව ද ඒ සඳහා ගුවන් ටිකට්පත් හැර කිසිදු වියදමක් රජය නොදැරූ බවත් ආණ්ඩුව සිය වියදම් පාලනය කර ගනිමින් කටයුතු කරන බවත් මහින්ද ජයසිංහ පෙන්වා දෙයි.
සිරස සටන වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.