මාලිමාව විපක්ෂේ ඉද්දි පොඩි මිනිහා වෙනුවෙන් කතා කළා… ආණ්ඩුව අරන් කෝටිපති යාළුවන්ට තෙල් මිල අඩු කළා..! – දුමින්ද…

November 4, 2024 at 12:16 pm | by emanisa.lk

පහුගිය ජනාධිපතිවරණයේ දී මාලිමාවට රැවටුණු විශාල පිරිසක් සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දුමින්ද දිසානායක පවසයි.

අද රජයේ සේවකයාට ගුරුවරයාට සිය ආණ්ඩුව වැඩි කළ වැටුපත් නැතිව රු. 5000ත් නැතිව අසරණ වී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

එදා විපක්ෂයේ සිට මේ රටේ පොඩි මිනිහා වෙනුවෙන් කතා කළ මාලිමාව බලයට පත්ව ඔවුන්ට ස්ටේජ් ගැසීමට ජනරැලි පැවැත්වීමට සල්ලි පොම්ප කළ කෝටිපතින්ගේ වාහන දුවන ඉන්ධන මිල පමණක් අඩු කර ඇතැයි ද දුමින්ද දිසානායක චෝදනා කරයි.

මේ නිසා මාලිමාවට කතිරය ගැසූ 85%ක් පමණ ජනතාව කලකිරී අසරණව ඇති බවත් ඒ ජනතාව සමග නැවත දේශපාලනය කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

අනුරාධපුරේ පැවැති ජන හමුවක් අමතමින් දුමින්ද දිසානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *