මාලිමාව රටේ බලය ගන්න බිලියන ගාණක් විසි කළා..!

April 17, 2025 at 11:43 am | by emanisa.lk

ඇතැම් දේශපාලන පක්ෂවල දූෂිතයන් සිටින අතර ඇතැම් දේශපාලන පක්ෂ පිටින් ම දූෂිත බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ යනු දූෂිත දේශපාලන පක්ෂයක් බවත් බලය ලබා ගැනීම උදෙසා ඔවුන් රුපියල් බිලියන ගණනක ධනයක් වැය කළ බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ වන විට එම බිලයන ගණන් ආයෝජනය කළ පිරිසට ප්‍රතිලාභ ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අයවැයෙන් තහවුරු වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

රටේ සියලු ම දේශපාලන පක්ෂ විගණනයක කළ යුතු බවත් එම පක්ෂවල ආදායම් වියදම් වාර්තා සෑම මාස තුනකට ම වරක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවත් දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.

සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *