මාලිමාව භාරගත්තේ බංකොලොත් රටක්… අපි ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහකරණය කළා….! – ඇමති විජිත හේරත්…

July 24, 2025 at 6:23 am | by emanisa.lk

ජාතික ජන බලවේගය බාරගත්තේ ආර්ථික වශයෙන් බංකොලොත්ව පැවති රටක් බව විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

“ජාතික ජන බලවේග අපි මේ රට බාරගත්තේ ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබිච්ච රටක්.
ආර්ථික වශයෙන් බංකොල්ලොත් වෙලා තිබිච්ච රටක් බාර අරගෙන කෙටි කාලයක් තුළ අපේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කලා.
ඒ වගේම ද්විපාර්ශ්ව ලබා ගත්ත ණය ප‍්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන් වෙමින් පවතිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියත් එක්ක අපි එන්න කලින් පහුගිය ආණ්ඩුව යමින් තිබුණා.
අපි ආවට පස්සේ ඒ සාකච්ඡා කරා දිගටම පවත්වාගෙන යමින් ණය ප‍්‍රතිව්‍යුහගතකරන කිරීමත් මේ ආර්ථිකය ඉලක්ක සම්පූර්ණ කරගැනීම දක්වා වෙච්ච ගමනක් අපි ඉතා සාර්ථකව යමින් තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *