මාලිමාව බොරු විදින බවට මතයක් සමාජගත වෙලා…. වහා නිවැරදි කරන්න ඉහළින් උපදෙස්….!

April 16, 2025 at 4:34 pm | by emanisa.lk

ජාතික ජනබලවේග ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රධානීන් විශාල වශයෙන් බොරු කියන බවට සමාජය තුළ මතයක් පැතිරවීම ඉදිරි මැතිවරණයට අවාසිදායක ලෙස බලපානු ඇති බව එම පක්‍ෂයේ ජ්‍යේෂ්ඨ කණ්ඩායමක් අතර සාකච්ඡාවටත් බඳුන් වී ඇතැයි වාර්තා වෙයි.

එම නිසා හැකි ඉක්මනින් එම තත්ත්වය නිවැරදි කිරීමට ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන අවධානය යොමු කර ඇත.

ආණ්ඩුව බොරු කියන බවට එල්ල වන චෝදනාවට ප්‍රතිචාර ලෙස විපක්ෂයේ දේශපාලනඥයන් පසුගිය කාලයේ සිදු කරන ලද අසත්‍ය ප‍්‍රකාශ සම්බන්ධයෙන් වැඩි බරක් තබා ප්‍රචාරය කරවීමට ද ඒවා වැඩි වශයෙන් මතු වන ලෙස අදහස් පළ කිරීමට ද උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම මහජන රැළිවල, මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කිරීමේදී වඩා සැලකිල්ලෙන් අදහස් පළ කරන ලෙසද මැතිවරණ අපේක්ෂකයන්ටත් මැති ඇමතිවරුන්ටත් තදින් උපදෙස දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *