එළඹෙන මැයි 08 වෙනිදා පළාත් පාලන ආයතන ඡන්දයේ දී නියෝජිතයන් පත්කරගෙන එම ආයතනල බලය පිහිටුවා පළාතේ සංවර්ධනයට අවශ්‍ය ව්‍යාපෘති සැලැස්ම මධ්‍යම ආණ්ඩුවට ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
එවිට එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් මධ්‍යම ආණ්ඩුවෙන් ලබා දීමට කටයුතු කරන බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
එහි දී යෝජනා එවන පිරිස ගැන සලකා බලන බවත් පළාත් පාලන ආයතනයේ බලය ඇත්තේ ජාතික ජන බලවේගයට නම් යෝජනා ගැන සැකයක් නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.
කෙසේ වුව ද එම බලය වෙන කණ්ඩායමක් සතු නම් මුදල් ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි. හොරකම් කිරීමට මුදල් ලබා දිය නොහැකි නම් ප්‍ර දේශයේ සංවර්ධනයට මුදල් අවශ්‍ය නම් නාස්ති නොකරන හොරකම් නොකරන පිරිසකට පළාත් පාලන ආයතනවල බලය ලබා දියයුතු බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
මාතර පැවැති ජන හමුවකට එකතු වෙමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.