ජාතික ජන බලවේගයට බැණ වදින හාමුදුරුවරුන්ට එම පක්ෂය ගැන දැන ගැනීමට උවමනා නම් අස්ගිරි මහා විහාරයට ගොස් නායක හාමුදුරුවන් බැහැදකින ලෙස ජාතික ජන බලවේග විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
මහනුවර දිගන ජන රැලියට පෙර එක් හාමුදුරු නමක් තමන්ට මේ බව ප්‍රකාශ කළේ යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
තම පක්ෂය සහ බුදු දහම අතර ඇති ඓන්ද්‍රීය බැඳීම පිළිබඳ අස්ගිරි මහනාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගෙන් දැනගත හැකි බව ද ලාල්කාන්ත සඳහන් කරයි.
මිහින්තලේ නායක හාමුදුරුවන් අස්ගිරියට වැඩම කළහොත් මහනාහිමියන් ඒ පිළිබඳ දේශනා කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.
මහනුවර දිගන පැවැති ජන රැලියක් අමතමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.