මාලිමාව එක්ක එකතු වෙලා හොරු පළවා හරින්න සූදානම්..! – පොහොට්ටු මන්ත්‍රී…

March 19, 2024 at 4:14 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කිරීම සඳහා තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

“ජාතික ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් සමග කටයුතු කරපු අපි මේ දූෂණ වංචා සියලු දේට විරුද්ධ කණ්ඩායම. ඒ නිසා ජාතික ජන බලවේගය සමග එකතු වී කටයුතු කිරීමේ අපිට කිසිම ගැටළුවක් නෑ. අපිත් එක්ක සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. අපිත් එක්ක කතා කරමින් ඉන්නවා ඒ පිළිබඳ. අවසාන තීරණයක් අරගෙන නෑ.

අපි රට වෙනුවෙන්, රටේ සම්පත් වෙනුවෙන් ජාතික ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන්, හොරු පලවා හැරීම වෙනුවෙන්, මේ රටට අනාගතයක් ගොඩ නැංවීම වෙනුවෙන්, මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙනගත්තු, බදු මුදල්වලින් ගොඩනැගිච්චි මේ ජාතික ආර්ථිකයට ආදරය කරන කණ්ඩායමත් එක්ක කටයුතු කරන්න අපි සූදානම්.”

ජාතික ජන බලවේගය සමග එකතු වෙනවා කියන්න තවම කල් වැඩි බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කෙරෙනු ඇතැයි ද වලේබොඩ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඉදිරි මැතිවරණවලදී ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කිරීමට ගාමිණී වලේබොඩ සූදානම් වන බවට වන පුවත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *