ජාතික ජන බලවේගයේ නලින් හේවගේට එරෙහිව දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මෙලෙස පැමිණිලි කර ඇත්තේ ඒ 88-89 ඝාතන පිළිබඳ නලින් හේවගේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
88-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මිනී මරුවන් මිනිසුන්ගේ බෙල්ල කපා වැටේ ගසා බඩ පළා බඩවැල් එළියට ඇද මරා දැමූ බව නලින් හේවගේ පිළිගෙන ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.
සෝමවංශ අමරසිංහ මෙන් නලින් හේවගේ ද රටින් පළා යෑමේ අවධානමක් ඇති හෙයින් වහාම විදෙස් ගමන් වළකන තහනම් නියෝගයක් ලබා ගෙන ඔහු අත්අඩංගුවට ගත යුතු බව ද සුගත් හේවාපතිරණ අවධාරණය කරයි.