ජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති කේ.ජී. ප්‍රේමදාස ඊයේ (06) දින සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
බලන්ගොඩ නගර සභාවේ මාසික සභාරැස්වීම ඊයේ පැවති අතර එම රැස්වීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් පෞද්ගලික හේතු මත තමන් ධුරයෙන් එල්ලා අස්වන බව නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ධුරයෙන් ඉල්ලා අස්වූ කේ.ජී. ප්‍රේමදාස සභිකයන් හා එහි නිලධාරීන් සමග කතාබහක නිරතවීමෙන් අනතුරුව ත්‍රිරෝද රථයකින් පිටව ගොස් ඇත.
මාලිමාවට බලය හිමි මිනුවන්ගොඩ නගර සභාවේ නගරාධිපති ද මීට දින කිහිපයකට ඉහතදී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.