මාලිමාවේ ගමනක අවසානය සනිටුහන් වුණා.. හැබැයි ජනතාව ආයෙමත් රාජපක්ෂලා ළඟට යන්නේ නෑ….! – වරුණ රාජපක්ෂ…

October 18, 2025 at 1:24 pm | by emanisa.lk

සමූපකාර ඡන්ද සහ ඊයේ පැවති ජාතික ගුරු සමුළුවමාලිමාණ්ඩුවේ ගමනක අවසානය සනිටුහන් කරන බව හිටපු ජවිපෙ පළාත් සභා මන්ත්‍රී, සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.

වර්තමාන ආණ්ඩුව ජයග්‍රහණය කරවීමට සුවිශාල දායකත්වයක් ලබාදුන් ගුරුවරුන් බහුතරයක් මේ වන විටත් ආණ්ඩුව කෙරෙහි කළකිරී ඇති හෙයින් ගුරු සමුළුවට නොපැමිණි නිසා වෙනත් පිරිස් ගෙන්වා ගැනීමට සිදුවූ බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුව ද ආණ්ඩුව කෙරෙහි කළකිරුණු මෙම පිරිස නැවත නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල නියෝජනය කරන ගතානුගතික දේශපාලන පක්ෂ වෙත නොයන බවත් ඔවුන් ආකර්ශනය කර ගැනීමට නව දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවත් වරුණ රාජපක්ෂ අවධාරණය කරයි.

සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *