මාලිමාවට අන්තවාදී කල්ලිවලට යට නොවී වැඩ කරන්න පුළුවන්….! – දයාසිරි….

November 19, 2024 at 11:47 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවට ජනතාව ලබා දී ඇති දැවැන්ත ජනවරම සමග කිසිදු සුළු පක්ෂයක බලපෑම්වලට හසු නොවී සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමිව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

උතුරේ මෙන් ම උඩරට ද ආධිපත්‍ය දරාගෙන සිටි පක්ෂ ඉක්මවා ජනතාව මෙවර මාලිමාව වටා එකතු වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

පෞද්ගලික උවමනා එපාකම් පසෙකලා පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කිරීමේ දී ජාතික ජන බලවේගය ප්‍රකට කළ හික්මීම තමන් අගය කරන බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි. එම ගුණය සෙසු පක්ෂවල දැකිය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

සිරස රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් දයාසිරි ජයසේකර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *