මේ වන විට ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 5.3කට අධික විදේශ වත්කම්වලින් පොහොසත් බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
තම ආණ්ඩුව රට භාර ගන්නා විට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3ක්වත් වියදමට නොතිබුණු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එපමණක් නොව මේ වන විට 8.3%ක ආර්ථික වර්ධන වේගයක් තමන් අත්පත් කරගෙන ඇතැයි ද නි. ඇමති ටී.බී. සරත් අවධාරණය කරයි.
ජන හමුවක් අමතමින් නි. ඇමතිවරයා මේ බව කීය.