තඹුත්තේගම හිච්චි රනිල්, කුරුඳුවත්තේ රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
IMF ඩීල් එක මෙන් ම රටේ යම් ප්‍රශ්නයක් මතු වූ විට කමිටු පත්කිරීම ද මෙලෙස උගත් දෑ අතර වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මේ වන විට බටලන්ද වාර්තාව ගැන ද කමිටුවක් පත්කිරීමට සූදානම් බවත් අනතුරුව එම කමිටු වාර්තාව නීතිපතිට යොමු කිරීම, නීතිපති එය අධ්‍යයනය කිරීම ආදිය සඳහා කාලය ගතවන විට බටලන්ද අමතක වී වෙන ප්‍රශ්නයක් උඩට එන බවත් විමල් වීරවංශ සඳහන් කරයි.
මෙම ආණ්ඩුව 2004 පත්වූයේ නම් මුලින්ම සිදුකරන්නේ කොටි සංගණනයක් පැවැත්වීම බවත් කොටි සංගණනයට පසු ජනාධිපතිවරයා ඊට ලබා දෙන විසඳුම තීරණය කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව කීය.