මාලිමාණ්ඩුව වළං කඩේට පැන්න ගොනා වගේ ඇන ගත්තේ නෑ…! – නි. ඇමති ප්‍රසන්න ගුණසේන….

June 24, 2025 at 10:54 am | by emanisa.lk

ආණ්ඩු බලය ලබා ගන්නා විට තමන්ට අත්දැකීම් නොතිබුණ ද ඒ ගැන පක්ෂය අවබෝධයක් ලබා දී තිබූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

පළමු මාසය විශාල පීඩනයකින් කටයුතු කළ බවත් පාන්දර දෙකට පෙර කිසිදු දිනයක නිදා නොගත් බවත් හෙතෙම සඳහන් කරයි.

මාස හතක් ගෙවෙන විට සෑහෙන ස්ථාවර මට්ටමකට පැමිණ සිටින බවත් සිතුවාටත් වඩා ඉක්මනට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බවත් ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරයි.

මාලිමාණ්ඩුව වළං කඩේට පැනපු ගොනා මෙන් අනා ගනී යැයි විපක්ෂය සිතුවද මේ වන විට ආර්ථිකය ස්ථාවර කර ඇති බවත් 2028 වන විට ණය ගෙවීමට හැකි තත්ත්වයට පත්කොට ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

නි. ඇමතිවරයා මේ බව පැවසුවේ BBC සේවය සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *