මාලිමාණ්ඩුව වට්ටන්න හිතන එකත් පට්ට ගොං…මයිලක් හොල්ලන්න බෑ…! – ඇමති ලාල් කාන්ත…

April 6, 2025 at 12:42 pm | by emanisa.lk

1970 බලයට පත් ආණ්ඩුව 71 වන විට පළවා හැරීමට ද 1977 ආණ්ඩුව 1980 පළවා හැරීමට ද සිතීම මෙන්ම මාස හතරක වත්මන් ආණ්ඩුව පළවා හැරීමට සිතීම ද දේශපාලන වශයෙන් පට්ට ගොං තීන්දු යැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ කිසිවෙකුට වත්මන් ආණ්ඩුවේ මයිලකට හෝ හානියක් කළ නොහැකි බවයි.

එහෙයින් වැඩවර්ජන කැඳවීමෙන් විරෝධතා කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ කෑ ගැසීමෙන් කිසිදු පලක් නොමැති බව ලාල්කාන්ත අවධාරණය කරයි.

විධායක ජනාධිපති ධුරය ද පාර්ලිමේන්තුවේ 2/3ක බලය ද හිමි වර්තමාන ආණ්ඩුවට තවමත් මහජන ආදරයේ අඩුවක් නොමැති බව ඇමතිවරයා සඳහන් කරයි.

ජාතික ජන බලවේග කළුතර ජනහමුවක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *