ජාතික ජන බලවේග ආණ්ඩුව මේ වන විට ඉතාම සාර්ථකව රට පාලනය කරමින් සිටින බවත් ජනතාව ඉතාම සැහැල්ලුවෙන් සහ සන්තෝෂයෙන් තම ආණ්ඩුව යන ගමන දෙස බලා සිටින බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
“විපක්ෂය පහුගිය මැතිවරණ දවස්වල කියපු කතාව නෙවෙයි දැන් කියන්නෙ. ඒ කාලෙ කිව්වෙ අත්දැකීම් නෑ, මේක ගෙනියන්න බෑ, මේක වැටෙයි කියලා. දැන් ඒ කතාව නෑනෙ, මොකද දැන් අපි මේක ලස්සනට කරගෙන යනකොට අරක වලංගු වෙන්නෙ නෑ. දැන් ජනාධිපතිවරණයෙදි කොහොමද කිව්වෙ ? ආවොත් අස්වැසුම කපයි කිව්වා. ඔන්න දැන් අපි අස්වැසුම නොලැබුණු, ලැබෙන්න සුදුසුකම් තියෙන අයට ඊළඟ වටයේ ඒක ලබාදෙන්න දොර කවුළු විවෘත කළා.
අසාධාරණයට ලක්වෙච්ච ජනතාව දැන් ඉල්ලුම් පත්‍ර භාරදෙමින් තියෙනවා. අස්වැසුම කැපෙනවා නෙවෙයිනෙ දැන් තියෙන්නෙ, ඒක තවත් අයට දෙන්න සූදානම් වෙනවා. ඒ කට්ටිය කිව්වා ආගම දහම නැතිවෙයි කියලා. නෑනෙ දැන් ඉතින් ආගම දහම හොඳට පවතිනවා, ගැටුම් මොකුත් නෑ, හැමෝම තම තමන්ගෙ ආගම් හොඳින් අදහනවා.
බොහෝම සාමකාමී වාතාවරණයක් රටේ තියෙනවා. ප්රජාතන්ත්රවාදී වාතාවරණයක් තියෙනවා. මිනිස්සුන්ට ඔළුවට බරක් නෑ, බොහොම සැහැල්ලුවෙන් සන්තෝසයෙන් රට යන දිහාව බලාගෙන ඉන්නවා. දේශපාලනයේ අනවශ්‍ය ඇඟිලි ගැහීම්, බාධා කිරීම් නෑනෙ. ඉතින් රට ලස්සනට කෙරීගෙන යනවා. ඒ කට්ටිය කියපු ඒවා බොරුවෙලා.”
සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.