රිලවා, දඬුලේනා සහ මොණරා යන සත්ව විශේෂ සංඝණනය කිරීම සඳහා මාර්තු 15 වැනිදා විශේෂයෙන් වෙන්කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
ඒ සඳහා ග්‍රාම නිලධාරී වසම්වල සිටින සියලුම නිලධාරීන් සහභාගී වන බවත් ඔවුන් හරහා ජනතාව දැනුම්වත් කර විනාඩි 5ක් ඇතුළත තම වත්තේ හෝ වගාබිමේ සිටින රිලව්, දඬුලේනුන් සහ මොණරුන් මෙන්ම අනෙකුත් සත්ව විශේෂ ගණන් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
යම්කිසි හෙයකින් අසල්වැසි වත්තේ කිසිවකු නොමැතිනම් එහිද මෙම ගණනය කිරීම සිදුකළ යුතු බවත් විනාඩි 5ක කාලයක් පමණක් මේ සඳහා ගතකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
එලෙස විනාඩි 5ක් පමණක් ලබාදෙනුයේ නැතහොත් සතුන් එක ස්ථානයක සිට තවත් ස්ථානයකට යාමට ඉඩ ඇති බැවින් බව ද ඇමතිවරයා සඳහන් කරයි.
අන්තර්ජාල සේවා බද්ද වෙන රටක් ගහන්න කලින් අපි ගැහුවා…! – ආර්ථික නි. ඇමති…
අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් සියයට පහළොවක් වන බදු මුදල මෙරට දී අය කර නොගතහොත් වෙනත් රටක දී අය කරන බව ආර්ථික නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් එය මෙරටදි අය කර ගැනීමට කටයුතු කළ බවද හෙතෙම ප්‍රකාශ කරයි.
මෙම බද්ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ 30%ක ප්‍රතිශතයකින් අය කිරීමට අනුමත කර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එකක් බව ද ඔහු හෙළි කරයි.
එහෙත් තම රජය මැදිහත්වී එය සියයට පහළොවක් දක්වා අඩුකර ගැනීමට කටයුතු කළ බවත් ඇමති අනිත් ජයන්ත ප්‍රකාශ කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මෙම අදහස් පළ කළේය.