මාලිමාණ්ඩුව රට හදන්න මොන්ටිසෝරි බලයත් ඕනවෙයි… බස්නාහිර මොන්ටිසෝරි බිමල්ගේ බිරිඳ යටතට…!

October 5, 2025 at 7:55 pm | by emanisa.lk

බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකය කිසි දිනක ඉතිහාසයේ මෙතරම් දේශපාලනීකරණය වී නොමැති බව පෙර පාසල් ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අසංක ශ‍්‍රීනාත් පවසයි.

වර්තමාන අධ්‍යක්ෂකවරිය පුටුවේ වාඩි කරවන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරියක්, එනම් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගේ නෝනා වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ බවට හෙතෙම චෝදනා කරයි.

ඇය මහරගමට, කොළඹට හෝ හෝමාගමට පැමිණ පෙර පාසල් ගුරුවරුන්ට දේශන පවත්වමින්
මේ වන විට බස්නාහිර පළාත් වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරමින් ඇතැයි ඔහු සඳහන් කරයි.

අද ආණ්ඩුව කරනු ලබන්නේ ජනතාව ඉල්ලූ දේවල් නොව, ඉල්ලා නැති දේවල් බව ද අසංක ශ‍්‍රීනාත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *