මාලිමාණ්ඩුව යන්නෙත් රනිල් ගිය පාරේමයි… ජනතාව ආයෙමත් රැවටුණා… පොඩි මිනිහාගේ ආණ්ඩුවක් හදන්න අපි සූදානම්…! – කුමාර් ගුණරත්නම්…
වර්තමාන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ 2024 නතර කළ තැන සිට ඔහුගේ වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව ඉදිරියට ගෙන යමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.
76 වසරක ප්‍රභූ පාලනය අවසන් කර සාමාන්‍ය ජනතාවගේ පාලනයක් පත්කර ගැනීමට ජනතාව කටයුතු කළද දැන් එම බලාපොරොත්තු සුන්ව ඇති බවද හිටපු පාලකයන් තම වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව ඉදිරියට ගෙන යන මාලිමාණ්ඩුව සරදමට ලක්කරමින් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මේ අනුව සියලුම පක්ෂ ධනේෂ්වර ක්‍රමවේදය සමග එකතු වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය උඩුගං බලා යෑමට සූදානම් බවත් ඒ සඳහා නායකත්වය දිය හැකි පක්ෂයක් ජනතාව සමග ගොඩනගන බවත් කුමාර් ගුණරත්නම් අවධාරණය කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4 වන ජාතික සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.