මාලිමාණ්ඩුව මේ තරම් ඉක්මනට රටට එපා වෙයි කියලා හිතුවේ නෑ…! – විමල්…

February 14, 2025 at 2:35 pm | by emanisa.lk

මාලිමාණ්ඩුව මෙතරම් ඉක්මනින් මෙතරම් සමාජ අප්‍රසාදයක් ගොඩනඟා ගනු ඇතැයි තමන් විශ්වාස නොකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ආණ්ඩුව අලුතින් රටට හඳුන්වා දුන් එකම ව්‍යාපෘතිය ත්‍රීවිල් සහ බස්වල කෑලි ගැලවීම බව ද හෙතෙම කියයි.

මෙතරම් නොහැකියාවක් ඇති වේ යැයි තමන් නොසිතූ බවත් ආණ්ඩුව දවසින් දවස සිය අසාර්ථකභාවය තහවුරු කරමින් ඇති බව ද ඔහු සඳහන් කරයි.

දැන් නැවත රට වාම ප්‍රගතිශීලි දේශපාලන නායකත්වයක් ඉල්ලා සිටින බවත් ඊට යළි නොවරදින මග කියා දීමට නායකත්වය ලබා දීමට තමන් සූදානම් බව ද විමල් වීරවංශ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, you tube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *