මාලිමාණ්ඩුව මාස දෙකෙන් අවුරුදු දෙකක වැඩ කළා…! – ඇමති බිමල්…

January 22, 2025 at 10:12 am | by emanisa.lk

වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව මාස දෙකක කාලයක් ඇතුළත අවුරුදු දෙකක වැඩ කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අලුත් දෙයක් කරනවා වෙනුවට කරන්න සිදුවූවේ පරණ ආණ්ඩුවල වැරදි නිවැරදි කිරීම බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම කාලය තුළ සිදුවූයේ වික්‍රමසිංහලා රාජපක්ෂලා විසින් කරන ලද වැරදි නිවැරදි කිරීම බවත් ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *