දිගින් දිගටම විදුලිය බිල වැඩි කර බාල ගල්අඟුරු ගනුදෙනුවේ බර ජනතාවගේ කරපිට පැටවීමට රජය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“ඊයේ සහ පෙරේදා නියමිත ආකාරයට විදුලි ජනනය ලක්විජය නොරොච්චෝල බලාගාරයෙන් සිදු වුණේ නැහැ. ඊයේ මෙගාවොට් 146ක් පෙරේදා මෙගාවොට් 158ක් අඩුවෙන් ජනනය කර තිබෙනවා. මේවාට යොදාගෙන ඇත්තේ අප්‍රිකාවෙන් ගෙනා 13 වැනි නැවේ ගල්අඟුරු.
මෙතෙක් ගෙනා නැව් 12 බාල බවට මේ වන විටත් පැහැදිලියි. සමහර මැති ඇමැතිවරු කියන ආකාරයට මේ බාල ගල්අඟුරු නිසා සිදුවූ පාඩුව අදාළ ආයතනයෙන් අය කර ගතහොත් අදාළ සැපයුම්කාර ආයතනය බංකොලොත් වෙනවා. රජය සිටින්නේ ගල්අඟුරු සපයන ආයතනය සුරැකීමට ද විදුලි පාරිභෝගිකයා රැකගන්නද?
රජය බලයට පැමිණියේ කම්කරු ජනතාව පාරිභෝගික ජනතාව ආරක්ෂා කරනවා කියලයි. කෙසේ හෝ බහුජාතික සමාගම්වල අතකොළු නොවන බව පැවසුවා. මාලිමා ආණ්ඩුවම අද වන විට බාල ගල්අඟුරු සමාගම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්වෙලා.
ගල්අඟුරු ප්‍රශ්නයෙන් නිර්මාණය වූ අලාභය මඟ හරවා ගැනීමට මේ විදුලි බිල වැඩි කිරීම වහා නතර කළ යුතුයි.”