ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණයට පෙර පොරොන්දු වූ දේවල්වලටත් වඩා වැඩියෙන් දේවල් ඉටු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
“අපි එයාලාට ඒ ස්වයං වින්දනය ලබාගන්න ඉඩදෙමු. අපි වැඩකරමින් ඉන්නවා. අපි මැතිවරණයට පෙර කියූ දේවල් ඒ ලෙසම කරමින් ඉන්නවා, ඊටත් වැඩියෙන් කරමින් ඉන්නවා.
මැයි 06 වෙනිදා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් පස්සේ ඒ ගොබෙල්ස් න්‍යාය දාන අයට බලාගන්න පුළුවන් ජනතාව කොතැනද ඉන්නේ කියන එක.”
රුවන් මාපලගම මේ බව පැවසුවේ ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.