මාලිමාණ්ඩුව පාතාළේ මර්දනයට දැවැන්ත මෙහෙයුම් කරනවා.. ඒවා මාධ්‍යයට කියන්නේ නෑ…! – නි. ඇමති චතුරංග අබේසිංහ…

March 13, 2025 at 4:01 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව යුක්තිය මෙහෙයුම යනුවෙන් දැන්වීම් පළ නොකළ ද පාතාළය දැවැන්ත මර්දනයකට ලක්කරමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

පාතාළයේ කුඩු මෙහෙයුමට ආණඩුව දැවැන්ත මැදිහත් වීමක් කරන නිසා පාතාළය ඔවුනොවුන් මරා ගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

තමන්ගේ අයකු කොටු වුවහොත් ඔවුන්ගේ ජාලය ම හෙළිදරව් වන නිසා බියට පත්ව ඇති බවත් මාධ්‍යයට නොකියා පාතාළය මර්දනය සඳහා ආණඩුව දැවැන්ත මෙහෙයුමක් දියත් කරන නිසා ඔවුනොවුන් අතර ගැටුම් උග්‍ර වී ඇති බවත් නි. ඇමතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *