මාලිමාණ්ඩුව එක මාසෙට හයිවේ 05ක ණය අරන්…!

October 30, 2024 at 5:08 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව ඡන්දය පාවිච්චි කළේ පසුගිය සමයේ රට බංකොලොත් කළ පාලකයන්ට පාඩමක් ඉගැන්වීමට වෛරයෙන් බව සමගි ජන බලවේගයේ හර්ෂණ රාජකරුණා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහලා සිදු කළ සියලු වැරදි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පිටින් ගිය බවයි.

විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස සිදුකළ සේවාවට ඉහළින් එම වෛරය සුනාමියක් ලෙස ගලා ගිය බව ද ඔහු සඳහන් කරයි.

එහෙත් මාසයක් යන විට ආණ්ඩුව විදෙස් ණය ඩොලර් මිලියන 200ක් දේශීය ණය රුපියල් බිලියන 600ක් ගෙන එහි නියම ස්වරූපය ජනතාව හමුවේ තබා ඇති බව ද හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කරයි. එම රු. බිලියන 600 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වැනි මාර්ග 5ක් හැදීමට ප්‍රමාණවත් බව ද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *