ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමත් සමග පාතාළය විසින් මහ පාරේ එකිනෙකා වෙඩි තබා මරා දැමීම නතර වී ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර පවසයි.
විශ්රාමික ජනාධිපතිවරුන් මහජන ධනයෙන් නඩත්තු කළ යුතු ද යන ප්රශ්නය රට ඉදිරියේ ඇති බවයි, මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ.
සිය ආරක්ෂාව ප්රමාණවත් නැතැයි මහින්ද රාජපක්ෂ ප්රකාශ කොට නොමැති බවත් මහජන අනුකම්පාව දිනා ගෙන අනාථ දේශපාලන පක්ෂ ගොඩනැඟීම සඳහා ඔහුගේ ගෝලබලයන් මතවාද ගොඩනඟන බවත් දේවානන්ද සුරවීර සඳහන් කරයි.