ජාතික ජන බලවේග ආණ්ඩුව බිඳ දමා ඇති ආර්ථිකය ගොඩනඟමින් ඉදිරියට යන විට විපක්ෂයේ සිටින ඇතැම් කණ්ඩායම්වලට දරාගත නොහැකි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
“ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට සහන ලබා දෙමින් බිඳ වට්ටපු ආර්ථිකය ගොඩනැඟීම සඳහා සැලසුම්සහගතව ඉදිරියට යනවා. විපක්ෂයේ ඇතැම් අයට මේවා දරා ගෙන ඉන්න බෑ.
ඒගොල්ලෝ ආණ්ඩු කළ කාලේ මේවා නොකිරීම පිළිබඳ ජනතාව ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා.
ඒවා වළක්වා ගන්න ආණ්ඩුව හොඳ දේවල් කරන කොට ඕක අපිත් කරන්න හිටියේ කියලා ළඳ බොළඳ විදිහට හැසිරෙන විපක්ෂයේ ඇතැම් අයගේ හැසිරීම් තමයි අපට පේන්නේ.”