මාලිමාණ්ඩුවේ ලොකුම ප්‍රතිවාදියා නාමල්… හැසිරීමෙන් එය පේනවා..! – මනෝජ් ගමගේ…

February 21, 2025 at 4:32 pm | by emanisa.lk

රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අසමත් ආණ්ඩුව ඒ සියල්ල දැනට බලයේ නැති රාජපක්ෂලා පිට පැටවීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බවට නීතීඥ මනෝජ් ගමගේ චෝදනා කරයි.

මෙම චෝදනා දෙස බලන විට තවමත් රට පාලනය කරන්නේ අනුර දිසානායක නොව රාජපක්ෂලා යැයි සිතෙන බව ද ඔහු ප්‍රකාශ කරයි.

ආණ්ඩුව අසමත් වන තරමට ඔවුන්ගේ බොරු එළිවන තරමට අසමත්භාවය තහවුරු වන තරමට රාජපක්ෂලාට චෝදනා කිරීම සඳහා මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය කණ්ඩායම් කටයුතු කිරීමෙන් නාමල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලතම ප්‍රතිවාදියා බව තහවුරු වන බව ද මනෝජ් ගමගේ සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් අද (21) ඔහු මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *