වත්මන් ආණ්ඩුව කට ඇරියොත් ප්‍රකාශ කරන්නේ බොරුවක් බවත්, ඒ හේතුවෙන්ම ටොම් පචයා නැමති ලේබලය වැදී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කෙටිම කාලයක් තුළ වැඩිම බොරුවක් සිදුකළ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව ද ඔහු ප්‍රකාශ කරයි.
පළාත් පාලන ආයතනවලට මුදල් ලැබෙන්නේ එය ජාතික ජන බලවේගයේ නම් පමණක් බවට ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයෙක් නොකිවයුතු කතාවක් බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දෙයි.
එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හරහා පෙන්නුම් කරන්නේ, පරදින ගමනේ අවසාන තුරුම්පුව ප්‍රතිපාදන ලබා නොදීම බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියි.
ඊයේ (22) ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.