මාලිමාණ්ඩුවෙන් මාධ්‍ය වාරණ නෑ… නිසි ලෙස මෙහෙයවනවා විතරයි..! – ජනමාධ්‍ය ඇමති…

December 31, 2024 at 12:21 pm | by emanisa.lk

මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත්, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගම‍යේ නියෝජිතයන් පිරිසක් සමඟ පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහි දී එම සංගමයට බලපාන්නා වූ දැනට කෙටුම්පත් කර ඇති පනතක් සහ ක්‍රියාත්මක වන පනත්වල යම් යම් අඩුපාඩු පිළිබඳව අමාත්‍යවරයා දැනුම්වත් කිරීමත්, සංගමයේ නියෝජිතයන්ට බලපානු ලබන පොදු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *