මේ වන විට පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.
ආණ්ඩුවට සෘජුව පළාත් පාලන ආයතන 151ක බලය හිමි වූ අතර සෙසු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ඇත්තේ තවත් කණ්ඩායම්වල සහයෝගය ලබා ගනිමිනි.
සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන සංඛ්‍යාව 27ක ද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 17ක ද බලය තහවුරු කරගෙන ඇත.
මේ අතර පොදුජන පෙරමුණට, ලංකා කම්කරු කොංග්‍රසයට සහ මුස්ලිම් කොංග්‍රසයට පළාත් පාලන ආයතන 3 බැගින් බලය හිමිව තිබේ.