මාලිමාණ්ඩුවට යන්තම් මාස තුනයි… අනුරපුර සමුපකාරයෙන් බිංදුවට දැවේ…!

January 26, 2025 at 9:19 am | by emanisa.lk

අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහා නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

එම නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට කිසිදු ආසනයක් දිනාගැනීමට හැකි වීම විශේෂත්වයකි.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම ආසන 13ම දිනාගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට එහි සභාපති, ලේකම් ඇතුළු සියලු නිලතල හිමිව ඇති බව සඳහන්ය.

පසුගිය සති කිහිපය තුළ මාදම්පාගම, බේරුවල, කැලණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර සමිතිවල නිල වරණවලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් පරාජයට පත්විය.

ඔවුන් ජාතික ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණයේ සහ මහා මැතිවරණයේ මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින් ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙලෙස දැඩි පසුබෑමකට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *