මාලිමාණ්ඩුවට මගේ ආශීර්වාදය ලැබෙනවා… පුංචි ඡන්දෙත් දිනන්නේ ආණ්ඩුවම තමයි…! – සරත් ෆොන්සේකා….

March 25, 2025 at 6:36 pm | by emanisa.lk

පැවති විකෘති දේශපාලනයට විරුද්ධව ජනතාව පසුගිය මැතිවරණවල දී පැවැති හොඳම විකල්පය තේරු බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

නව ආණ්ඩුවට එතරම් පළපුරුද්දක් නොමැති වුව ද ඔවුන් පුරුදු වන තුරු ජනතාව නොඉවසන නිසා ආණ්ඩුව වේගයෙන් වැඩ කළ යුතු බවයි, ඔහු පෙන්වා දුන්නේ.

ජනතා මතයට හිස නමමින් මෙම ආණ්ඩුව කටයුතු කරන ආකාරය දෙස බලා සිටින අතර ආණ්ඩුවට ආශීර්වාද කරන බව ද සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ද ජනතා ආශීර්වාදය ආණ්ඩුවට හිමි වුව ද තව අවුරුද්දක් ගතවන විට ජනතාව ස්වාධීන වී තීන්දු තීරණ ගනු ඇති බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *