මාලිමාණ්ඩුව ළඟදීම රට හදන්න පන්සලේ දායක සභාවේ බලයත් ඉල්ලනවා…!

April 1, 2025 at 7:46 pm | by emanisa.lk

රට හදන්න මාස හයකට බලය ඉල්ලූ ආණ්ඩුව දැන් රට හැදීමට පළාත් පාලන ආයතන බලයත් ඉල්ලමින් ඇතැයි සමගි ජනබලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

දැන් පළාත් පාලන ආයතන නැතිව රට හදන්න බැරි යැයි කියන ආණ්ඩුව ඉදිරියේ දී රට හැදීමට සමූපකාරයේ බලය, ග්‍රාම සංවර්ධන සමිතියේ බලය සහ පන්සලේ දායක සභාවේ බලය ද ඉල්ලා සිටිනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ මෙම හැසිරීම විහිළුවක් බව තිස්ස අත්තනායක සඳහන් කරයි.

සමගි ජන බලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *