මාලිනිය ලංකා සිනමා සන්නාමය ජාත්‍යන්තරයට ඔසවා තැබුවා…! – ජනපති….

May 24, 2025 at 7:13 pm | by emanisa.lk

ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධන තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය.

ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි.

දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු.”

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *