මාධ්‍ය මර්දන කොමිසම ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි…! – උදය ගම්මන්පිල….

May 29, 2025 at 7:26 pm | by emanisa.lk

ආණ්ඩුව අපහසුතාවට පත්වන අයුරින් පෞද්ගලික මාධ්‍ය කටයුතු කිරීම විමර්ශනය සහ ඊට අදාළ පියවර නිර්දේශ කිරීමට කොමිසමක් පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි දැනගන්නට ලැබෙන බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එය සැබෑවක් නම් එය ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවයි.

මෙම ක්‍රියාමාර්ග ඔස්සේ ආණ්ඩුව මාධ්‍ය මර්දනයයට සූදානම් වන්නේ ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීම විපක්ෂයේ වගකීමක් බව ද උදය ගම්මන්පිල අවධාරණය කරයි.

අද (29) මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු ඇමැතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *