මාදිවෙල නිවාස මැති ඇමතිලාට මදියි… බම්බලපිටියෙන් ගෙවල් 07ක් දුන්නේ ඒ නිසයි…! – ඇමති නලින්ද ජයතිස්ස….

November 18, 2025 at 7:32 pm | by emanisa.lk

මාදිවෙල නිවාස පරිශ්‍රයේ මන්ත්‍රීවරුන් 120කට ඉඩ පහසුකම් ඇති අතර දැනට එහි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 111ක් සිටින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එහි තවත් නිවාස හතක් සේවා සැපයීම් සඳහා වෙන්කර ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

ඊට අමතරව බම්බලපිටිය ලොරිස් නිවාස පරිශ්‍රයේ මන්ත්‍රීවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට නිවාස හතක් ලබා දී ඇති බවත් කතානායකවරයා ද එහි සිටින බවත් නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඇමතිවරුන්ට නිවාස ලබා නොදෙන බව ප්‍රකාශ කළ ද මේ වන විට තිරය පිටුපසින් මැති ඇමතිවරුන්ට නිවාස ලබා දෙන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *